බ්‍රහස්පතිට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී

බ්‍රහස්පතිට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී

නාසා හි පුරවැසි විද්‍යාඥයකු වූ ටොම් ජේකොබ් මහතා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට (බ්‍රහස්පති ) වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව හඳුනාගෙන තිබෙනවා.

මොහු 2010 වසරේ සිට වෘත්තීය විද්‍යාඥයින්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක නාසා දුරේක්ෂ දත්ත අධ්‍යනය කරමින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ඇති ග්‍රහලෝක පිළිබඳ සෙවීමට උන්නදු වන ඕනෑම පුද්ගලයෙකුට සහභාගී විය හැකි පුරවැසි විද්‍යා ස්වේච්ඡා ව්‍යාපෘතියකට එක් වී ඇත.

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව නාසා විද්‍යාඥයන් හඳුනාගෙන ඇත.

අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් ආලෝක වර්ෂ 379 දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයාට බෙහෙවින් සමාන අතර අපගේ සුර්යයාට සමාන තාරකාවක් වටා භ්‍රමනය වේ .

මේ ග්‍රහලෝකය ටී.ඕ.අයි-180 බී ලෙස නාසා ආයතනය හදුන්වනු ලැබේ. මෙම ග්‍රහලෝකයට තමන්ගේ හිරු වටා එක් වතාවක් භ්‍රමනය වීමට දින 261 ක් ගත වේ .

මෙම ග්‍රහලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 76 ක් බවට හඳුනාගෙන ඇත.

https://bit.ly/32fWITz