අනුර ගැන තිස්ස ජනනායකගේ කතාව

අනුර ගැන තිස්ස ජනනායකගේ කතාව

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ තමන් සහ අනුර කුමාර දිසානායක මහතා සිටියේ එකම නේවාසිකාගාර එකම ඇඳක බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

පහුගිය දවසක ඔහු මේ සම්බන්ධව කතා කරපු දේ නිසා මේ වනවිට සමාජ ජාලා මාධ්‍යවල දැඩි කතාබහට ලක් වෙමින් තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගැන ඔහු කියපු දෙයක් නිසා. ඔහු මේ බව කියා තිබුණේ සිසුන් පිරසකට උගන්වන අතරතුරයි. තිස්ස ජනනායක ඔහුගේ YouTube චැනල් එකේ ද මෙය පල කර තිබුණා.

ඔහු මේ විදිහට කියා තිබුණා :- මම උදේ පහට විතර ලෙක්චර්ස් යන්න නැගිටිනකොට, ජනේලේ ඇරගෙන එකෙක් ඇවිල්ලා නිදා ගන්නවා. මාර වැඩේ නේද ? මම ලෙක්චර්ස් යනකොට එයා ඇවිල්ලා නිදා ගන්නවා.මම ඇවිල්ලා නිදාගන්නකොට ඌ යනවා ලෑස්තිවෙලා. හැබැයි මම කියන්න යන්නේ ඔබ හිතපු එක නෙවෙයි, එයා යන්නේ දේශපාලන වැඩ වලට. එයා ලෙක්චර්ස් යන්නෑ හැබැයි එයා කොහොමහරි විභාගෙත් පාස්. එයා එක ලෙක්චර්ස් එකකටවත් ගිහින් නෑ. මම නම් දැකලා නෑ ලෙක්චර්ස් හෝල් එක්ක ඉන්නවා. ඉන්නේ කොහොමද අර මම කිව්ව වගේ එන යන වෙලාවත් එක්ක.හැබයි මේ කවුද කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවා. කවුද මේ චරිතය මාත් එක උඩ ඇඳේ හිටිය, ඒ වෙන කවුරුත් නෙවෙයි අනුර කුමාර දිසානායක.එයාගේ කැම්පස් එකේ නම ඒක නෙවෙයි “අරවින්ද” දිසානායක යනුවෙන් තම උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් පිරිසක් ඉදිරියේ දී හෙතෙම මේ බව පැවසීය.