සජිත් කතා කරනවා ටිකක් අමුතුයි – හිරුණිකා

සජිත් කතා කරනවා ටිකක් අමුතුයි – හිරුණිකා

සජිත් කතා කරනවා ටිකක් අමුතුයි යනුවෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා සිටියා.

එහිදී දැක්වූ අදහස්

සජිත් ප්‍රේමදාස ගැන තියන චෝදනා මොනවද කියන්න.. අනෙක් අයට තියන මිනීමැරුම් වංචා චෝදනා එකක් වත් නැහැනේ. ඒත් යම් යම් චෝදනා තියනවා.. ඔයාලා කියන් නැත්නම් මං කියන්නම්.එකක් තමා කතාකරනව ටිකක් අමුතුයි. ඉංග්‍රීසියෙන් කතා කරද්දි අලුත් අලුත් නොතේරෙන වචන දානවා.කථාකරන්නෙ ලියන බාසාවෙන්.. මේවනෙ චෝදනා..

මේ වචන ජනතාවට අලුත් ඇයි අපේ මිනිස්සු සසඳන්නෙ මහින්දව ඒකයි. ‘දැන් සැපද ලූනු කීයද අල කියද වගේ වචන වලින් තමා එයා කතා කළේ. නමුත් සජිත් රාජ්‍ය නායකයෙක් වගේ ප්‍රබුද්ධ විදිහට කතා කරනවා. අර වගේ සරල විදිහට ස්ටේජ් වල විහිලු කරන රාජ්‍ය නායකයෝ ගැන තමා දැන් පරපුර දන්නේ “.යනුවෙන් පැවසීය