විපක්ෂ නායකගේ විශේෂ ප්‍රකාශය අද

විපක්ෂ නායකගේ විශේෂ ප්‍රකාශය අද

9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ඊයේ (18) ජනාධිපතිවරයා ආරම්භ කිරීමෙන් අනතුරුව අද (19) පස්වරු එකට යළිත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඒ අනුව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව කල් තැබීමේ විවාදයට පෙර විපක්ෂ නායකවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව කල්තැබීමේ විවාදය මේ මස 19 සහ 20 යන දිනවලට අමතරව 21 වැනිදා ද වෙන් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කතානායකවරයා දැනුවත් කර එම දිනය ද විවාදය සඳහා ලබා ගන්නා ලෙස එහි දී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණා.