රටවල් 03ක් සමග කඩිනමින් සංචාරක සහයෝගිතා ගිවිසුම්වලට

රටවල් 03ක් සමග කඩිනමින් සංචාරක සහයෝගිතා ගිවිසුම්වලට

බංග්ලාදේශය, කාම්බෝජය හා දකුණු අප්‍රිකාව සමඟ සංචාරක සහයෝගීතා ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

බංග්ලාදේශය සමඟ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සදහා යෝජනා ඉදිරිපත් කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ සංචාරයක නිරතවූ අවස්ථාවේයි. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබද ඒකාබද්ධ ආයෝජන සහ අලෙවිකරන ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් අදාළ කෙටුම්පත් සකස් කර තිබෙනවා. කාම්බෝජය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතියද හිමිවුණා.

මේ අතර සංචාරක නිකේතනවල විදෙස් සංචාරකයින් සදහා පමණක් නවාතැන් පහසුකම් ලබා දෙන බවට තොරතුරු ලැබී ඇති බව සංචාරක මණ්ඩලය සදහන් කරනවා. මේ සම්බන්ධයෙන් දේශීය සංචාරකයින් අවස්ථා කිහිපයකදී පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. වැඩි මුදලක් අයකර ගැනීමට හැකිවීම හේතුවෙන් විදෙස් සංචාරයින් සදහා පමණක් මෙලෙස සංචාරක නිකේතනවල අවස්ථාව ලබා දෙන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසයි සංචාරක මණ්ඩලය දේශීය සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.