නිශ්චිත තොරතුරු ලැබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා

නිශ්චිත තොරතුරු ලැබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා

පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල කරන බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් නිශ්චිතව තොරතුරු දක්වා තිබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා මීට වඩා පියවරක් ගැනීමට අපට හැකියාව තිබුණේ යැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ පැවැසීය.

අහවල් දින, අහවල් වෙලාවට, අහවල් ප්‍රහාරය එල්ල වෙනවා කියලා හරියට තොරතුරු දුන්නොත් විතරද පොලිසිය එය වළක්වා ගැනීමට කටයුතු කරන්නේ යනුවෙන් විනිසුරු මොහොමඩ් ඉර්ෂාඩ්න් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා එසේ පැවසීය.

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනකුගේ මරණ සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම මඟින් මිනී මැරීම හා මනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 855 යටතේ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා එසේ පැවසීය.

මෙම නඩුව නාමල් බළල්ලේ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.