තවත් පනතක් සංශෝධනය කරයි

තවත් පනතක් සංශෝධනය කරයි

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත් කෙටුම්පත, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සහ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි.

2003 අංක 36 දැන බුද්ධිමය දේපළ පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පසුගිය 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබෙනවා.