චීනයෙන් සහල් එනවළු – ආහාර හිඟයක් නෑ

චීනයෙන් සහල් එනවළු –  ආහාර හිඟයක් නෑ

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් මාර්තු මාසයේ දී පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එම නිසා සහල් හිඟයක් ඇති නොවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර රබර් – සහල් ගිවිසුමට වසර 75ක් සැපිරීම හේතුවෙන් චීන රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියා.