ඉන්ධන වැඩේ හරී ඒ නිසා විදුලිය කැපෙන් නෑ

ඉන්ධන වැඩේ හරී ඒ නිසා විදුලිය කැපෙන් නෑ

ශ්‍රී ලංකා මහබැංකුව ලබා දුන් ඩොලර් මගින් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් නෞකා දෙකක් අද (19) පෙරවරුවේ කොළඹ වරායෙන් නිදහස් කර තිබෙනවා.

ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දින 8කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත්කෙරෙන බවයි

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කර ඇත්තේ නෞකාවලින් ඉන්ධන නිදහස් කිරීම නිසා දිවයිනේ සිදු කළ විදුලි කප්පාදුව ද යම් තරමකට නතර කළ හැකි බවය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමට එකඟ වීම හේතුවෙන් රට තුළ කිසිදු ලෙසකින්
විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ඔහු කියයි.