ඉන්දුනීසියාවේ අග නගරය මාරු වෙයි

ඉන්දුනීසියාවේ අග නගරය මාරු වෙයි

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා, බෝර්නියෝ දිවයිනේ කලිමන්නාත් ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශයකට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද අද දිනයේ ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩොලර් මිලියන ගණනක් වැය කරමින් නව අග නගරයක් මෙලෙස ඉදිකරන්නේ එරට ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුවයි.

ඉන්දුනීසියාවේ අග නගරය මෙලෙස වෙනත් ස්ථානයකට ගෙන යාමට ප්‍රධාන හේතු ලෙස ජකර්තා අගනුවර පවතින දැඩි රථවාහන තදබය, වායු දූෂණය සහ ස්වභාවික විපතක් වන ජල ගැලීම්වලට නිරන්තරගෙන් ගොදුරුවීම යන කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව නුසන්තරා ලෙස ඉදිවෙන මෙම නව නගරය නුදුරේදීම ඉන්දුනීසියාවේ අග නගරය වනු ඇති.

https://cnn.it/3tyNHjL