හදිසියේ ලෙඩ වුන විදුලි ඉංජිනේරුවෝ

හදිසියේ ලෙඩ වුන විදුලි ඉංජිනේරුවෝ

අද (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළා.

අද උදෑසන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව චරිත ජයනාත් මහතා සදහන් කළා.