ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ හා කීර්තිමත් ගුවන් හමුදාධිපතිවරයෙකු වූ එයාර් චිෆ් මාර්ෂල් පි එච් මෙන්ඩිස් මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය මේ වනවිට ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට ( 19 )වන දින පස්වරු 02.00 ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදී පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතයි.

එයාර් චිෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (පැඩි මෙන්ඩිස්) 1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබූ අතර ඔහු 1951 වසරේ අගෝස්තු මස 08 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියා ලෙස රාජකිය ලංකා ගුවන් හමුදාවට එක් වී තිබෙනවා.

අනතුරුව එතුමන් මුලික පුහූණුව හා ගුවන් නියමු උපදේශයක පුහුණුව එක්සත් රාජධානිය (United kingdom) ලැබු අතර එවකට බලපංති ලූතිනන් ( Flying lieutenant) පිඑචි මෙන්ඩිස් සුදුසුකමි ලත් පියාසර උපදේශකයකු ලෙස පූහූණුව ලැබු පළමු ශ්‍රි ලාංකිකයා ද වනවා.

වර්ෂ 1972 දි ශ්‍රී ලංකාව ජනරජයක් වීමත් සමග රාජකිය ලංකා ගුවන් හමුදාව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත්වුණා.

ඒ සමගම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදා‍ධිපති ලෙස එයාර් චිෆ් මාර්ෂල් පි එච් මෙන්ඩිස් මහතා ඉතිහාස ගතවනවා.