විදුලි ඉංජිනේරුවන් හෙට අකුරට වැඩ

විදුලි ඉංජිනේරුවන් හෙට අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා ඉවත් නොකරන්නේ නම් හෙට (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර එම සංගමය අද (17) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ මෙම නව සාමාන්‍ය අධිකාරීවරයාගේ පත් කිරීමට විරෝධය පළකරමින්.