වසර 18ක ආදරය දනුෂ් සහ අයිශ්වර්යා අවසන් කරයි

වසර 18ක ආදරය දනුෂ් සහ අයිශ්වර්යා අවසන් කරයි

දකුණු ඉන්දීය සුපිරි නළු දනුෂ් ඊයේ රාත්‍රියේ ඔහුගේ බිරිඳ අයිශ්වර්යා රජිනිකාන්ත්ගෙන් වෙන් වෙන බවට තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය . අයිශ්වර්යා යනු සුපිරි නළු රජිනිකාන්ගේ දියණියයි. ට්විටර් වෙත දනුෂ් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඔවුන්ගේ තීරණයට ගරු කරන ලෙසත් ඔවුන්ට පෞද්ගලිකත්වය ලබා දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහුගේ ප්‍රකාශය වූයේ, “වසර 18ක එකමුතුව මිතුරන්, අඹුසැමියන්, දෙමාපියන් සහ සුභ පතන්නන් ලෙස එකිනෙකාගේ ගමන වර්ධනය, අවබෝධය, ගැලපීම සහ අනුවර්තනය වීම යන ගමනයි.”

“අද අපි ඉන්නේ අපේ මංපෙත් වෙන් වෙන තැනක,අයිශ්වර්යා සහ මම ජෝඩුවක් විදියට වෙන් වෙන්න තීරණය කරලා තනි තනිව අපිව හොඳින් තේරුම් ගන්න කාලය ගන්න. කරුණාකර අපගේ තීරණයට ගරු කර අපට අවශ්‍ය පෞද්ගලිකත්වය ලබා දෙන්න. මෙය සමඟ කටයුතු කරන්න”. යනුවෙන් සටහනක් තබා තිබුණා.

https://bit.ly/3GDUlcd