ලොවක් කම්පා කරමින් අවසන් ගමන් ගිය ප්‍රියන්තගේ වැටුප බිරිඳට

ලොවක් කම්පා කරමින් අවසන් ගමන් ගිය ප්‍රියන්තගේ වැටුප බිරිඳට

පාකිස්ථානයේ සියල්කෝට්හිදී අන්තවාදීන් පිරිසක් අතින් අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ලබාදෙන අරමුදල සහ ඔහුගේ වියෝවෙන් පසු ලබාදෙන පළමු වැටුප ඔහුගේ බිරිදගේ ගිණුමට අදාළ සමාගම විසින් බැර කළ බවට පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා නිවේදනය කර තිබෙනවා.

ඒ් අනුව රාජ්කෝ ඉන්ඩස්ට්‍රිස් සමාගම විසින් අමෙරිකානු ඩොලර් 1000,000ක් සහ පළමු වැටුප ලෙස ඩොලර් 1667ක මුදල් බැර කර ඇති බවයි අගමැතිවරයා පැවසුවේ.

ප්‍රියන්ත මහතා සේවයේ යෙදෙමින් සිටියදී එම කර්මාන්තශාලාවේම සේවකයින් හා පිටස්තර පුද්ගලයින් පිරිසක් අතින් ඝාතනයට ලක් වූ අතර ඉදිරි වසර 10 සදහා සමාගම විසින් ඔහුගේ වැටුප බිරිදට ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

https://bit.ly/3fyJxAg