ලහිරු පෙරේරාගේ පියාගේ අවසන් ගමන (වීඩියෝ)

ලහිරු පෙරේරාගේ පියාගේ අවසන් ගමන (වීඩියෝ)

යොවුන් පරපුරේ ආදරණීය ගායන ශිල්පියකු වන ලහිරු පෙරේරාගේ පියාගේ ආදාහනෝත්සවය අද (18) දින ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ දී පැවැත්වුණා .

ප්‍රදේශය කීර්තිමත් ව්‍යාපාරයක් වන සිසිර බේකර්ස් ව්‍යාපාරයේ අධිපති වූ ද ,සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමයේ හිටපු ලේකම් ධූරය දැරූ නිමල් පෙරේරා මහතා විශාල සමාජ සේවයක් ඉටු කර ව්‍යාපාරිකයෙකු ලෙස කා අතරත් ප්‍රචලිතය.

කලා ක්ෂේත්‍රයේ මෙන්ම ,ව්‍යාපාරික හා ප්‍රාදේශීය ජනතාවගේ සහභාගිත්වයෙන් උඩුගම්පළ සුසාන භූමියේ ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු විය.