නීලා වික්‍රමසිංහයන්ගේ දේහය මෙරටට රැගෙන ඒමට පියවර

නීලා වික්‍රමසිංහයන්ගේ දේහය මෙරටට රැගෙන ඒමට පියවර

අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණ යටතේ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා කටයුතු සූදානම් කරමින් පවතින බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඇයගේ දේහය මේ වනවිට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයේ වැඩභාරගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 29 වැනිදායි.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ (17) දිනයේදී අභාවප්‍රාප්ත වූයේ ඉතාලියේ මිලානෝහි දීයි.