චරිත් අසලංකට ලැබුණු අලුත් වගකීම

චරිත් අසලංකට ලැබුණු අලුත් වගකීම

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වයට චරිත් අසලංක පත්කර ඇති බව වාර්තා වනවා.

මෙම තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ උප නායකත්වට ධනංජය ද සිල්වා පත් කළ නමුත් පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තරගාවලියෙන් ඉවත් වුණා.

ඔහුගේ ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් උප නායකයෙක් පත්කර තිබුණේ නැහැ.

තවමත් 24 වන වියේ පසුවන චරිත් අසලංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 09ක්.

තවමත් තරග 09ක ජාත්‍යන්තර එක්දින අත්දැකීම් ඇති චරිත්ට හිමි වූ මෙම අවස්ථාව ඉතා වැදගත් අවස්ථාවක් බවයි විචාරකයින් සඳහන් කළේ.