කොවිඩ් පාර්සලයක් තුළින් ඇවිල්ලා – විදෙස් රටවලින් භාණ්ඩ ගෙන්වීමත් නවතයි

කොවිඩ් පාර්සලයක් තුළින් ඇවිල්ලා – විදෙස් රටවලින් භාණ්ඩ ගෙන්වීමත් නවතයි

පාර්සලයක් විවෘත කිරීමෙන් පසු බීජිං කාන්තාවක් ඔමික්‍රොන් ආසාදනය වී ඇති බව පැවසීමෙන් පසු බීජිං නගර නිලධාරීන් විදේශයන්හි සිට ලැබෙන භාණ්ඩ බෙදා හැරීම සහ ඇණවුම් කිරීම නවත්වන ලෙස එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

එරට නිලධාරීන් පවසා තිබෙන්නේ කොවිඩ් ආසාදනය වූ කාන්තාවට ගමන් ඉතිහාසයක්ද නොමැති බවයි.

කෙසේවෙතත් ඇයට ලැබුණු පාර්සලයක වෛරසයේ අංශු මාත්‍ර සොයාගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම ආසාදනය වීම පැමිණෙන්නේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට සති තුනකටත් අඩු කාලයක් පවතින විටයි

ක්‍රීඩා උළෙල සඳහා මහජන සාමාජිකයින්ට ප්‍රවේශපත්‍ර අලෙවි නොකරන බවට මේ අතර චීනය නිවේදනය කරනවා.

වෛරසය පාලනය කිරීමේ පියවරක් ලෙස ආරාධිත පුද්ගලයින්ට පමණක් සහභාගී වීමට අවසර ලබා දී ඇති අතර ඔවුන් තෝරා ගන්නේ කෙසේද හෝ නිරෝධායනය කිරීමට සිදුවේද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

https://bbc.in/3KlcygF