කැන්ගරු පැටව් පරාජය කළ අපේ සිංහ පැටව්

කැන්ගරු පැටව් පරාජය කළ අපේ සිංහ පැටව්

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ලෝක කුසලාන දෙවැනි තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල අද (18) සමත් වුණා.

ඒ කඩුලු 04ක ජයක් වාර්තා කරමින්.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 175ක් ලබාගත්තා.

ජයග්‍රහණය සඳහා පන්දුවාර 50ක් තුළ ලකුණු 176ක් හඹා යෑම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණුන් 177ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේ, තරගාවලියේ තමන් මුහුණ දුන් තරග දෙකෙහිම ජය විඳගනිමින්.