හෙට පෘථිවිය පහු කරන් යන යෝධ ග්‍රහකය

හෙට පෘථිවිය පහු කරන් යන යෝධ ග්‍රහකය

අධික වේගයෙන් ගමන් කරන 1994 PC 1 නමැති විශාල ග්‍රහකය හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසයි.

ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

කිලෝමීටර් 1.1ක පළලින් යුතු එම ග්‍රහකය පෘථිවියට සැතපුම් මිලියන 1.2ක් දුරකින් පැයට සැතපුම් 43,754.47ක වේගයකින් හෙට දින ගමන් කරනු ඇත.

එය සාපේක්ෂව පෘථිවියට සමීපව ගමන් කළ ද ඉන් පෘථිවියට බලපෑමක් ඇති නොවන බව තාරකා විද්‍යාඥයින් සඳහන් කර ඇත.

පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් හත් ගුණයක දුරකින් එය ගමන් කරන බව ද ඔවුහු පවසති.

තියුණු ඇසක් සහ හොඳ දුරේක්ෂයක් තිබේ නම්, පෘථිවියේ සිට මෙම ග්‍රහකය නැරඹීමට හැකි වනු ඇති අතර අන්තර්ජාලය ඔස්සේ ද එය නැරඹීමට අවස්ථාව නාසා ආයතනය මගින් සලසා දී තිබේ.