වැලිකඩ රැදවියන් 07ක් මානව බලදක්ෂයින් ලෙස දිවුරුම් දෙයි

වැලිකඩ රැදවියන් 07ක් මානව බලදක්ෂයින් ලෙස දිවුරුම් දෙයි

වැලිකඩ බන්ධනාගාරයේ 29 වන කොළඹ විකුම් මානවක බාලදක්ෂ කණ්ඩායමේ රැඳවියන් 07 දෙනෙකු නිදි වර්ජිත රාත්‍රියකින් පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම වතාවට මානවක බාලදක්ෂයින් ලෙස උර පළඳනා පැළඳ දිවුරුම් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් අංශයක් ලෙස මානවක බාලදක්ෂ ව්‍යාපාරය සුවිශේෂි වනවා.

වැරදිකරුවන් වු පුද්ගලයන් යහපත් විනයගරුක හා සදාචාර සම්පන්න පුද්ගලයෙකු ලෙස සමාජය ගත කිරිම කිරිමේ පරම අභිලාසයෙන් මෙම ක්‍රියාදාමය සිදු කරනු ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව සෑම බන්ධනාගාරයකම මානවක බාලදක්ෂ කණ්ඩායමක් පුහුණු කර තිබෙනවා.

මෙම කටයුතු මානවක බාලදක්ෂ පුහුණුව ලත් බන්ධනාගාර නිලධාරින් විසින් සිදුකරනු ලබන බව සඳහන්.

මානවක සමාජය පුහුණු කිරිමේ කටයුතු බන්ධනාගාර නියාමක මානවක බාලදක්ෂ නායක දර්ශණ වි‌ජේසිංහ මහතා විසින් සිදු කරනු ලබනවා.

මෙම විශේෂ අවස්ථාව සදහා ශ්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස්, වයඹ හා මධ්‍යම පලාත් භාර කොමසාරිස් හා පහුණු කිරිම් නායක ඊ.කේ.ඩි.දුමින්ද , මහනුවර දිසා බාලදක්ෂ මුලස්ථානයේ සහාය දිසා කොමසාරිස් සම්පත් වීරසුරිය , සහාය දිසා කොමසාරිස් ( මානවක) පි.ආර්.ඩි.එල්.සෝමරත්න , හා අඹේපුස්ස බන්ධනාගාරයේ මානවක බාලදක්ෂ නායක රංගන අබේසේර යන නිලධාරින් සහභාගි වී තිබෙනවා.

මානවක බාලදක්ෂයින් සදහා උර පළඳනා පැළඳවිමේ මෙම අවස්ථාව බන්ධනාගාර දෙපාර්ථමේන්තුවේ සිදුවූ ප්‍රථම අවස්ථාව ලෙස බන්ධනාගාර මුලස්ථානය සදහන් කරනවා.