ලෝරන්ස්ගේ මනමාලී අලුත් වෙලා ?

ලෝරන්ස්ගේ මනමාලී අලුත් වෙලා  ?

සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණ කළ ජනප්‍රිය වේදිකා නාට්‍යක් වන ලෝරන්ස්ගේ වේදිකා නාට්‍ය 2022 වසරේදී නැවත වේදිකා ගත කිරීමට සූදානම් වන බව අපට දැන ගන්න ලැබුණා. මීට වසර අටකට පමණ පෙර නිර්මාණය වුණු ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍ය ලංකාවේ මෙන්න විදෙස් රටවලද දර්ශන වාර පවත්වනු ලැබුවා.

මෙම වේදිකා නාට්‍ය හැඩ කළා, දුලිකා මාරපන, සම්පත් ජයවීර, සුජීව ප්‍රියාල්, මලි ජයවීරගේ, හේමන්ත ප්‍රසාද් යන ශ්‍රී ලංකා වේදිකාවේ ජනප්‍රිය නළු නිළියන් දායකත්වය දැක්වුවා.

කෙසේ වෙතත් රංගන ශිල්පිනී දුලීකා මාරපන සිය ෆේස් බුක් ගිණුමේ ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යයේ ඡායාරූප කිහිපයක් එක් කොට පවසා තිබුණේ 2022 වසරේ දර්ශන වාර සංවිධානය කිරීමට විමසන ලෙසයි.