යහපාලන රජය සහල් ගෙන්වූ තරම බන්දුල හෙළි කරයි

යහපාලන රජය සහල් ගෙන්වූ තරම බන්දුල හෙළි කරයි

පොළොන්නරුවේ සහල් මාෆියාවට පිළිතුරක් ලෙස පමණක් රජය සහල් ආනයනය කරන බවත් පොළොන්නරුවේ සහල් මෝල්හිමියන් සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 කට අළෙවි කිරීමට සැළසුම් කරමින් සිටි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) පැවසීය.

යහපාලන රජය සමයේ සහල් ආනයන ප්‍රමාණය ද මෙහිදී අමාත්‍යවරයා හෙළිකලේය.

2014 සහල් මෙට්‍රික් ටොන් 600,000ක්, 2015 දී මෙ‌ට්‍රික් ටොන් 286,000ක්

2016 දී මෙ‌ට්‍රික් ටොන් 29,000ක්

2017දී මෙ‌ට්‍රික් ටොන් 745,000ක්

2018 දී මෙ‌ට්‍රික් ටොන් 249,000ක් වශයෙන් සහල් ආනයනය කර ඇති බව ඔහු පවසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය බලයට පත් වීමෙන් පසුව 2020 වර්ෂයේදී සහල් මෙට්‍රික්ටොන් 16,000 ක් පමණක් ආනයනය කළ බව ඔජු සඳහන් කරයි.

එම සහල් ආනයනය කිරීම හුදෙක්ම සහල් මාෆියාව පාරිභෝගිකයා සූරා කෑම වළක්වාලීමේ පියවරක් පමණක් වූ බව ඔහු සඳහන් කරයි.

කිසිදු අර්බුදයක් නොමැතිව සෑම දෙයක්ම ආනයනය කළ යහපාලන රජයේ නියෝජිතයන් පාරිභෝගිකයාට සහන සැලසීමේ වර්තමාන ක්‍රියාමාර්ග පිළිබඳව දුර්මත පතුරවන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය