බෑණා මඟුල අවමඟුලක් කරයි

බෑණා මඟුල අවමඟුලක් කරයි

විවාහ මංගල්‍ය උත්සවයකදී ඇතිවූ පවුලේ ආරවුලක් මත පුද්ගලයෙකුගේ ගෙල මිරිකා ඝාතනය කිරීමේ සිද්ධියක් තිස්සමහාරාමය, විරහෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

විවාහ මංගල උත්සවයක් අතරතුර පවුලේ සාමාජිකයින් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මරණකරුගේ වැඩිමහල් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් ඊයේ (16) එම දියණියගේ පියාට පහරදී ගෙල මිරිකා එම ඝාතනය සිදුකර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 54 හැවිරිදි පඩවිගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම ඝාතනය සිදුකරන ලද සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.