බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුම්

බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුම්

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරීක්ෂා කිරීම හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම ඉලක්ක කර ගනිමින් විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ (16)දිනයේ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 7375 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

එහිදී උපදෙස් කඩ කළ 1404 දෙනෙකුට අවවාද කළ බවද එම නිවේදනයේ සඳහන්.

මෙම මෙහෙයුමේදී යතුරු පැදි 3257ක් පරික්ෂා කර ඇති අතර ත්‍රීරෝද රථ 2396ක් පරීක්ෂාවට ලක් කෙරුණා.