නොරොච්චෝලේ නඩත්තු කළාට චීනයට ඩො.මි 17ක් දෙන්න වෙලා

නොරොච්චෝලේ නඩත්තු කළාට චීනයට ඩො.මි 17ක් දෙන්න වෙලා

ලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු සඳහා තාක්ෂණික උපදේශන සේවා ලබා ගත් චයිනා මැෂිනරි ඉංජිනේරින් කෝපරේෂන් සමාගම පීඑල්සී විසින් (සී.එම්.ඊ. සී ) සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 17.5 ක හිඟ මුදල් ගෙවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

නොරොච්චෝලේ ලක් ලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු උපදේශන සේවා ප්‍රසම්පාදනය යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ලංකා විදුලිබල මණ්ඩලය (සී.එම්.ඊ. සී ) අතර තාක්ෂණික සේවා ගිවසුම ප්‍රමාද දෝෂයකින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය කින් තොරව දීර්ඝ කර තිබීමද මෙම ගාස්තු ගෙවීම ප්‍රමාද වී තිබීමට හේතුවක් වී ඇති බව වාර්තා වෙයි.

(සී.එම්.ඊ. සී ) ලක් විජය බලාගාරය සිදුකර සිදු කර ඇති වැඩ සඳහා මුල් ගිවිසුම ප්‍රකාරව එම ආයතනයට ගෙවීම් කිරීම සඳහා මින් පෙර අනුමැති ඉල්ලා ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතුළුව විධිමත් කටයුතු අවසන් වන තෙක් ගෙවීම් කටයුතු අත්හිටුවා තිබේ.

මේ අතර (සී.එම්.ඊ. සී ) විසින් තම දිගුකාලීන ප්‍රමාද වූ ගෙවීම් කරන ලෙස ඉල්ලා ඇත්තේ (සී.එම්.ඊ. සී ) විසින් මෙහෙයුම් හා නඩත්තු කටයුතු නිවැරදිව හා ඵලදායිව ගිවිසුමේ එකඟ වී ඇති ආකාරයට සිදුකර ඇති අවස්ථාව අභ්‍යන්තර අසාර්ථක වීම නිසා ගෙවීම් අත්හිටුවීම නිදහසට කරුණක් නොවන බවට දන්වමිනි

ඒ අනුව අනුව 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා අදාළ ගෙවීම් සිදුකරන ලෙස විදුලිබල අමාත්‍යවරයා නිර්දේශ කර ඇති බවද සඳහන්.