සියලු රාජ්‍ය ආයතනවල තොරතුරු සොයයි

සියලු රාජ්‍ය ආයතනවල තොරතුරු සොයයි

සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්, වාහන හා ගොඩනැගිලි ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල්තුමිය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයකම තොරතුරු ලබන අප්‍රේල් මස 15 වැනිදාට පෙර ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

බොහෝමයක් රාජ්‍ය ආයතන සතු වාහනවලට අමතරව වාහන විශාල ප්‍රමාණයක් කුලියට ලබාගෙන පාවිච්චි කරනු ලබන බවද අනාවරණය වී ඇත.

රාජ්‍ය ආයතන සතු ඉඩම් වලින් බොහොමයක් අනවසර පදිංචිකරුවන් සිටින බව ද අනාවරණය වී ඇත.

මේ සියලු තොරතුරු හා ඒවාට යන වියදම පිළිබඳව දැනුම් දෙන ලෙසට ද නියම කර ඇත.