සභාපතිවරුන් දෙදෙනෙක් පුටුවලින් ඉවත් කරයි

සභාපතිවරුන් දෙදෙනෙක් පුටුවලින් ඉවත් කරයි

2022 වසර සඳහා වූ අයවැය ලේඛනය සම්මත නොවීම හේතුවෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පසුගිය දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සළකනු ලබන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසිනුයි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ.

මේ අතර 2022 අයවැය සම්මත නොවූ බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වූ සේ සළකන බවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්.