භාණ්ඩ ප්‍රවාහනයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලාභයක්

භාණ්ඩ ප්‍රවාහනයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලාභයක්

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා ඇත.

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් හා ගුවන් තොටුපොළ භුමි මෙහෙයුම් කටයුතුවලින් මෙම ලාභය අපයා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනත විජයපතිරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන අංශය පාඩු ලැබුණත් මෙම ආයතනයෙ ලාභයක් ඉපැයු එකම අංශය භුමි මෙහෙයුම් අංශය බවද ඔහු වැඩි ප්‍රකාශ කළේය.