උතුරු කොරියාව දුම්රිය මාර්ගයක සිට එල්ල කළ හැකි මිසයිලයක් යළිත් අත්හදා බලයි

උතුරු කොරියාව දුම්රිය මාර්ගයක සිට එල්ල කළ හැකි මිසයිලයක් යළිත් අත්හදා බලයි

උතුරු කොරියාව නැවත වරක් දුම්රිය මාර්ගයක සිට එල්ල කළ හැකි මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

උතුරු කොරියාව මේ වසර තුළ අත්හදා බැලූ තුන්වන මිසයිලය මෙය ලෙසයි සැළකෙන්නේ.

ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඇමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමටද මීට දින දෙකකට පෙර කටයුතු කළා.

උතුරු කොරියාව මෙලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ද දුම්රිය මාර්ගයේ සිට එල්ල කළ හැකි කෙටි දුර මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

උතුරු කොරියාවේ මිසයිල අත්හදැ බැලීමේ ක්‍රියාවලිය පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැඩි අවධානයට යොමුව ඇති බවයි පැවසෙන්නේ.

https://reut.rs/3fwiRjv