ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ ට්විටර් ගිණුම අත්හිටුවයි

ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ ට්විටර් ගිණුම අත්හිටුවයි

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබෙනවා.

තර්ජනාත්මක වීඩියෝ පටයක් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙනුයි ඔහුගේ නිල ට්විටර් ගිණුම මෙලෙස අත්හිටුවා ඇත්තේ.

අයතුල්ලා අලි කමේනි විසින් ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම වීඩියෝ පටය මඟින් තර්ජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඉරාන හමුදාවේ ඉහළම අණ දෙන නිලධාරියා වූ ජෙනරාල් කසෙම් සුලෙයිමන් ඇමරිකානු ඩ්‍රොන් ප්‍රහාරයකින් මීට වසර දෙකකට පෙර ජීවිතක්ෂයට පත් වූ අතර එම සිද්ධියට අදාලවයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට තර්ජනයකරමින් ඉරානයේ ආධ්‍යාත්මික නායකයා මෙම වීඩියෝව නිකුත්කර ඇත්තේ.

ට්විටර් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිය ප්‍රතිපත්ත්වලය පටහැනිව ප්‍රසිද්ධ කළ මෙම වීඩියෝපටය හේතුවෙන් ඉරානයේ ආධ්‍යාත්මික නායකගේ නිල ට්විටර් ගිණුම අත්හිටුවීමට මෙලෙස තීරණය කළ බවයි.

https://bit.ly/3qz4fGu