ඉදිරියේදී පැය 04ක විදුලි කප්පාදුවක්

ඉදිරියේදී පැය 04ක විදුලි කප්පාදුවක්

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් ඉදිරියේදී දිවයිනේ විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) අනතුරු අඟවයි.

දෛනිකව පැය 4ක විදුලි කප්පාදුවකට සූදානම් වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසුවේය.

ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් දැවී තෙල් ඇත්තේ දින 22කට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව දින තුනකට පසු විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇති බවත් එසේ නොවුනහොත් විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකි වන බවත් ඔහු සඳහන් කළේය.