ඇතුගල අධිවේගී මාර්ගය අද දහවල් තෙක් ගමනාගමනය නොමිලේ

ඇතුගල අධිවේගී මාර්ගය අද දහවල් තෙක් ගමනාගමනය නොමිලේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වා ජනතාවට අද දහවල් දක්වා නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවනවා.

අද දහවල් 12 දක්වා මෙලෙස ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට අවසර ඇති වාහන වලට පමණක් මෙම අවස්ථාව ලබා දී ඇති බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.