අපේ රැස්වීම් ගැන හොයන්න බුද්ධි අංශ එවන්න එපා, අපිට කෝල් එකක් දෙන්න

අපේ රැස්වීම් ගැන හොයන්න බුද්ධි අංශ එවන්න එපා, අපිට කෝල් එකක් දෙන්න

ජනතා විමුක්ති පෙරමුණ පවත්වන රැස්වීම්වලට බුද්ධි අංශ නිලධාරීන් එවීමට අවශ්‍ය නැති බවත්, අවශ්‍ය නම් තමන්ගේ දුරකතන අංකයට ඇමතුමක් ලබා දී සියල්ල දැනගත හැකී බවත්, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියා.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම රැස්වීම පවත්වන පන්සලට සිව්වතාවක් බුද්ධි අංශ නිලධාරීන් පැමිණ ප්‍රශ්න කොට ඇති බවත්, රැස්වීම සංවිධාන කළ සහෝදරයාගේ නිවසට පවා බුද්ධි අංශ නිලධාරීන් පැමිණ ඇති බවත්ය.

කොට්ටාව ලියන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ශාඛා සභාව පිහිට වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියා.

“ගෝඨාභය මහත්තයෝ රැස්වීම් ගැන හොයන්න පන්සල් වලට බුද්ධි අංශය එවන්න එපා, අපිට කෝල් එකක් දෙන්න ” යනුවෙන් පවසා සිටියා.