අනිද්දා රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්

අනිද්දා රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ආදි ක්‍රියාකාරකම් රැසක් අනිද්දා (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් යැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පෙබරවාරි මස 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව ද එම දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.

ඉහත විභාග සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හෝ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් ඇලවීම, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබාගැනීම තහනම් බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවේ නම් 0112421111 (පොලිස් මූලස්ථානය), 119 (පොලිස් හදිසි ඇමතුම් අංකය), 1911 (විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණීක ඇමතුම් අංකය), 0112785211 හෝ 0112785212 (විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය) සහ 0112784208 හෝ 0112784537 (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව) යන දුරකථනවලට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.