අන්තවාදය,ජාතිභේදයට යළි රැවටෙන්න එපා – විපක්ෂ නායක

අන්තවාදය,ජාතිභේදයට යළි රැවටෙන්න එපා – විපක්ෂ නායක

තමන් අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට බය නැති බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය,අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම් මහතා විසින් නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේ සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(16) සහභාගි විය. එම අවස්ථාවේදී දැක්වූ අදහස්.

මන්දිරවල ගෑස් පුපුරන්නේ නැති බවත්, ඔවුන්ට කිරිපිටි වල ප්‍රශ්නයක් නැති බවත්,ඔවුන්ට බන්දේසියක තබා සියල්ල ලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකතුමා අද පොහොර පෝලිමේ සිටින්නේත්,ගෑස් ටැංකි පිපිරීමෙන් පීඩාවට පත් වන්නේත්,අන්ධකාරයේ සිටින්නේත් මේ රටේ අහිංසක ජනතාව යැයි දපැවැසීය.

වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම වෙනුවෙන් අනාගත රජයක් යටතේ සිදු කරනු ලබන මෙහෙවර ඇතුළත් කොට වතු කම්කරු ප්‍රඥප්තියක් සමගි ජන බලවේගය මේ දිනවල නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායකතුමා පැවසීය.


අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ වතු කම්කරු සංවර්ධනය වෙනුවෙන් විශේෂිත වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරන්නට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා තමන් මේ පිළිබඳව පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ සමයේදී කරුණු ඉදිරිපත් කරන විට ජාතිවාදය ආගම්වාදය පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව බවද සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.