ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාගේ සිහිනය බොඳ වෙයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාගේ සිහිනය බොඳ වෙයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා පැමිණි මේ සුපිරි ක්‍රීඩකයා එරටට ඇතුළුවීමේදී සම්පූර්ණ කළයුතු පත්‍රිකාවේ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර තිබීම මීට හේතුවයි.

ඕස්ට්‍රේලියානු ටෙනිස් ශූරතාව නව වරක් ජයග්‍රහණය කර ඇති ජොකොවික් හට මෙම තීරණයත් සමග දහ වන වතාවටත් මෙම කිරුළ ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව අහිමි වෙනවා.ඔස්ට්‍රේලියානු පංච පුද්ගල ෆෙඩරල් අධිකරණයක් මගින් මෙම තීරණය ලබා දීම හේතුවෙන් එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ජොකොවික් හට හිමි වන්නේ නැහැ.

https://bit.ly/3fwf19U

COMMENTS