සිරිපා කරුණා කරන්න විශාල වන්දනාකරුවන් පිරිසක්

සිරිපා කරුණා කරන්න විශාල වන්දනාකරුවන් පිරිසක්

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ අද (15) දින දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාදය කරුණා කිරිම සඳහා බැතිමතුන් පැමිණ තිබෙනවා.

හැටන් ලංගම ඩිපෝව විසින් හැටන් දුම්රිය ස්ථානයට මගී දුම්රියක් පැමිණෙන සෑම අවස්ථාවකම වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා රැගෙන යාමට සහ ආපසු දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.