ලිංගික අතවර චෝදනාවට ඇන්ඩෘ කුමරුගේ තනතුරු ගලවයි

ලිංගික අතවර චෝදනාවට ඇන්ඩෘ කුමරුගේ තනතුරු ගලවයි

මීට වසර 21කට පෙර තමා 17 හැවිරිදි වියේ පසුවෙද්දී ඇන්ඩෘ කුමරුගේ ලිංගික අතවරයට ලක් වූ බවට අමෙරිකාවේ කාන්තාවක විසින් නඟන ලද චෝදනාවක් හේතුවෙන් නිව්යෝක් නුවර නඩුවකට පැටලී සිටින බ්‍රිතාන්‍ය යේ යෝර්ක් ආදිපාද ඇන්ඩෘ කුමරුගේ හමුදා නිලතල ගැලවීමට සහ රාජකීයත්වය යළි පවරා ගැනීමට එලිසබෙත් මහ රැජන පියවර ගත් බව බකිංහැම් මාලිගාවේ ආරංචි මාර්ග පවසයි. 61 හැවිරිදි ඇන්ඩෘ කුමරුගේ නිල නම්බුනාම ඒ අනුව අවලංගු වන අතර, ඔහුට එරෙහිව නිව්යෝක් නුවර උසාවියක විභාග වන නඩුව මෙතෙක් නිමාවට පත් වී නැත.

වර්ජිනියා ගුයිෆ්‍රි නමැති මේ වන විට 38 හැවිරිදි වියෙහි පසු වන අතර, ඇය එවකට අමෙරිකාවේ කූප්‍රකට ලිංගික ජාවාරම්කරුවකු බවට තහවුරු වූ ජෙෆ්රි එපිසන්ගේ ලිංගික ගොදුරක් බවට පත් වී සිටි බවටත්, පසුව ඔහු විසින් විවිධ පුද්ගලයන්ට තමා අලෙවි කළ බවටත් පසුගියදා අනාවරණය කර තිබිණි. ඒ අනුව එවකට අමෙරිකාවේ සංචාරයක නිරත වූ ඇන්ඩෘ කුමරුගේ ලිංගික අවශ්‍යතා ඉටු කිරීමට එපිසන් විසින් තමා ඔහුට අලෙවි කළ බව ද ඇය වැඩිදුරටත් අනාවරණය කර තිබිණි.

වර්ජිනියාගේ චෝදනාව ඇන්ඩෘ කුමරු ප්‍රතික්ෂේප කළද, ඔහු විසින් උසාවියට ඉදිරිපත් කළ මෝසම ඉවත දැමීමට විනිසුරු තීන්දු කිරීමත් සමඟ ඔහුට එල්ල වී ඇති චෝදනාව බරපතළ බවත්, ඉන් ඔහු වරදකරු වනු ඇති බවත් අනුමාන කර තිබේ.

https://bit.ly/3FuOaWt