ලංකාවට ඔමික්‍රොන් ආසාදිතයින් බලෙන් ගෙන්වා ගැනීමේ වෑයමක් ( වීඩියෝ )

ලංකාවට ඔමික්‍රොන් ආසාදිතයින් බලෙන් ගෙන්වා ගැනීමේ වෑයමක් ( වීඩියෝ )

ඔමික්‍රොන් ආසාදිතයින් බලෙන් ගෙන්වා ගැනීමේ වෑයමක ශ්‍රී ලංකාව නිරත වී සිටන බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති මේ බව කියා සිටියා.

එතුමා වැඩි දුරටත් දැක්වූ අදහස්.

ශ්‍රී ලංකාව තුල කොවිඩ් වසංගතයේ ප්‍රවණතාවය පුරෝකථණය කිරීම සදහා කිසිදු විධිමත් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදු නොවන නමුත්, මෙලෙස අවිධිමත් ලෙස ලැබෙන දත්ත විමර්ෂණය කිරීමේදී, මේවන විට අසාධිතයින්ගෙන් 25%ක් පමණ ඔමික්‍රෝන් විය හැකි බවටත්, රටට ඇතුළුවීම පවා පාළණය නොකරන තත්වය හමුවේ පෙබරවාරී මාසය වන විට එය 50% ඉක්මවා යා හැකි බව අනුමාන කල හැකියි යනුවෙන් පැවසීය.

එමෙන්ම මෙරටින් තවත් ඔමික්‍රොන් කොවිඩ් 19 ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර තිබුණා.