තෙල් හිඟයි – අනවශ්‍ය ගමන් යන්න එපා

තෙල් හිඟයි – අනවශ්‍ය ගමන් යන්න එපා

ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැවති උත්සව සභාවක් අමතමිනි.

අනවශ්‍ය ගමන් බිමන් අඩුකරගෙන අන්තර්ජාලය ඔස්සේ හැකිතාක් කටයුතු කිරීමෙන් ඵලදායිතාවය ඉහළ යන බව ද ඔහු පැවසීය.

ඉන්ධන වැය වන හැම මොහොතකම මෙරට මුදල් විදේශයන්ට ගලායන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා