ඔමික්‍රොන් ආසාදිතයන් රට පුරා

ඔමික්‍රොන් ආසාදිතයන් රට පුරා

මෙරටින් තවත් ඔමික්‍රොන් කොවිඩ් 19 ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරයි.

ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය වෙත යොමු කළ පටල සාම්පල 182ක ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බව ඔහු පව්සායි.

මීට අදාළ වාර්තාව මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.