සිම්බාබ්වේ සමග සටනට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සිම්බාබ්වේ සමග සටනට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය එළඹෙන ඉරිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිය පහතින් දැක්වේ.

දසුන් ශානක – නායක
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිශ්ශංක
මිනෝද් භානුක
ධනංජය ද සිල්වා – උපනායක
චරිත් අසලංක
චාමික කරුණාරත්න
මහේෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
ළහිරු කුමාර
නුවන් තුෂාර
ජනිත් ලියනගේ
රමේෂ් මෙන්ඩිස්
ප්‍රවීන් ජයවික්‍රම
දුෂ්මන්ත චමීර
චාමික ගුණසේකර
කලණ පෙරේරා
කමිල් මිෂාර

මේ අතර අවිෂ්ක ප්‍රනාන්දු, ජනිත් ලියනගේ හා කමිල් මිෂාර ට කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ළහිරු කුමාර හා කළණ පෙරේරා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන් සංචිතයට ඇතුළත් නොවෙනු ඇත.

එම ක්‍රීඩකයින් පස්දෙනා වෙනුවට පහත සඳහන් ක්‍රීඩකයින් සංචිතයට එක්කර තිබේ.

දිනේෂ් චන්දිමාල්
කුසල් මෙන්ඩිස්
නුවන් ප්‍රදීප්
ශිරාන් ප්‍රනාන්දු
කමිදු මෙන්ඩිස්

මේ අතර ආදේශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.

අෂේන් බණ්ඩාර
පුලින තරංග
නිමේෂ් විමුක්ති
අෂේන් ඩැනියල්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු