සතොසෙන් සහන මල්ලක්

සතොසෙන් සහන මල්ලක්

2022 වර්ෂය වෙනුවෙන් ලංකා සතොස හරහා සහන මිලට භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතු කරන බවත් එය අද (14) සිටම ක්‍රියාත්මක කරන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, සුපිරි සම්බා කිලෝ 10ක් සුදු සීනි කිලෝවක්, රතු පරිප්පු කිලෝවක්, ඉඳිආප්ප පිටි කිලෝවක් , හාල්මැස්සන් ග්‍රෑම් 500ක්, නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්, මේස ලුණු ග්‍රෑම් 400ක්, පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්), මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, තුනපහ කුඩු ග්‍රෑම් 100ක්, කහකුඩු ග්‍රෑම් 100ක්, STC තේකොළ ග්‍රෑම් 100ක්, ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්, සතොස සඳුන් සබන් කැටයක්, දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්, සෝයාමීට් ග්‍රෑම් 90ක්, සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්, පපඩම් පැකට් 1ක්, ශල්‍ය මුහුණු ආවරණ 10ක් ඇතුළත්.

මෙම භාණ්ඩ මල්ල රු.3998/=කට පාරිභෝගිකයා වෙත ලබා දීමට ලංකා සතොස අළෙවිසැල් හරහා අද සිට පහසුකම් සලසා ඇති බව අමාත්‍යවරයා පැවසීය.