ශිෂ්‍යත්ව, උසස් පෙළ විභාග ගැන නවතම නිවේදනය මෙන්න

ශිෂ්‍යත්ව, උසස් පෙළ විභාග ගැන නවතම නිවේදනය මෙන්න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය විභාග මධ්‍යස්ථාන 2943කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදන කළා.

එමෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 7 වනදා සිට මාර්තු මස 5 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438කදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 340,507ක් සහභාගී වනවා.

ඒ අනුව සිංහල මාධ්‍යයෙන් 255,062ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445ක් වශයෙන් සහභාගි වීමට නියමිත අතර
ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් ස්ථාපිත කර තිබෙනවා.