රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නෑ – කෘෂි ඇමති

රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නෑ –  කෘෂි ඇමති

මහ කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු වුව ද, රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මීරිගම ප්‍රදේශවල වී වගා කර අස්වැන්න නෙළන ගොවීන් හමුවීමට පැමිණි අවස්ථාවේදීයි.

යල කන්නය සඳහා ගොවීන්ට ලබාදෙන පොහොර නියමිත ප්‍රමිතියට තිබිය යුතු බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට නිර්දේශ ලබා දී ඇති බැවින් ඊට අදාළ ආයතන ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.