මධ්‍යම අධිවේගයේ පාපැදි තරගය (ඡායාරූප)

මධ්‍යම අධිවේගයේ පාපැදි තරගය (ඡායාරූප)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වන කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලිය අද 14 සාර්ථකව පැවැත්වුණා.

රටේ සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාව පැවැත්වුණා.

ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි. 80කි.

සුපිරි සහ වයස අවුරුදු 23න් පහළ පිරිමි කාණ්ඩය, කනිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය ක්‍රියාත්මක වුනා.