බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටු පස මහමොළකරුවෙක්

බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටු පස මහමොළකරුවෙක්

බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා ඒ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම පුද්ගලයා ද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවයි.

ඉතිහාසයට ඛේදනීය කළු පැල්ලමක් එක් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට දින දහසක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් පැවති ජාතික දේව මෙහෙය අද (14) රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේ දී පැවැත් වුණා.