නොවැක්ගේ වීසා බලපත්‍රය යළිත් අවලංගුයි

නොවැක්ගේ වීසා බලපත්‍රය යළිත් අවලංගුයි

සර්බියානු ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

සංක්‍රමණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි එම තීරණය ගෙන ඇත.

එමෙන්ම නොවැක් ජෙකොවිච් හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවුරුදු 3ක තහනමක් පැනවීමටද කටයුතු කළ හැකි බවද එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භවීමට දින කිහිපයකට පෙර මෙලෙස ඔහුගේ වීසා අවලංගු කෙරුණු අතර ජොකොවිච් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවධානමකටද ලක්ව සිටියි.

එන්නත්කරණයෙන් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීම හමුවේ පළමුවරට ඔහුගේ වීසා අවලංගු කෙරුණේ පසුගිය 06 වනදාය

https://bit.ly/3I7dgfw